තිරගම්දහය නැගෙනහිර කෝරළය, තිරගම්දහය බටහිර කෝරළය, මහගල්බොඩ මෙගොඩ කෝරළය, කුඩාගල්බොඩ කෝරළය, වැල්ලව කෝරළය යන පස් කෝරළයෙන් සහ කුරුණෑගල, මල්ලවපිටිය, මාස්පොත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුනකින් සමන්විත වූ බල ප්‍රදේශය 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතට අනුව කුරුණෑගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය වශයෙන් ස්ථාපිත විය. 1988.01.01 වන දින ස්ථාපිත කරන ලද කුරුණෑගල ප්‍රාදේශීය සභාව ආර්. ඩබ්. එස්. වීරසිංහ නැමැති කුරුණෑගල ප්‍රාදේශීය ලේකම්තුමා, විශේෂ කොමසාරිස්වරයෙකු වශයෙන් මෙහෙයවීය. ආරම්භයේදී ලිපිකරුවන් තිදෙනෙකුද ආදායම් පරිපාලකවරයෙක්, තාක්ෂණ නිළධාරියෙක්, කාර්යාල කාර්ය සහායකයෙකු හා මුරකරුවෙකු වශයෙන් සේවක පිරිස හත් දෙනෙකු සේවය කළේය. කුරුණෑගල ප්‍රාදේශීය සභා උප කාර්යාල වශයෙන් කුඩාගල්ගමුව, තිරගම්දහය නැගෙනහිර, වැල්ලව යන ආයතන පිහිටුවීය.
අපට හිතැති, අප හිත ඇති ආදරණීය පුරවරයක්
ප්‍රාදේශීය සභා පනතේ ප්‍රතිපාදනයන්ට අනුකූලව බල ප්‍රදේශය තුළ ජනතාවගේ භෞතික සහ මානව සම්පත් සංවර්ධනය උදෙසා සියලු සම්පත් ඒකරාශී කොට පොදු පහසුකම් වර්ධනය තුළින් ජනතා සහභාගීත්වයෙන් යුත් කාර්යක්ෂම, තිරසාර සහ සැලසුම්ගත සංවර්ධන ක්‍රියාවලියක් මගින් ප්‍රදේශයේ ජන දිවිය නගාසුටුවීම.

මන්ත්‍රීවරු විසිදෙදෙනෙකුගෙන් සමන්විත කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ ප්‍රථම සභාපති ලෙස චන්ද්‍රදාස ගොඩිගමුව මහතා 1991 අප්‍රේල් මස 15 වන දින පත්වු අතර, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ එතුමා 1997 අප්‍රේල් මස 14 වන දින දක්වා සභාපතිවරයා ලෙස කටයුතු කළේය. ප්‍රාදේශීය සභාවේ දෙවන සභා වාරය 1997 අප්‍රේල් මස 15 වන දින ආරම්භ වූ අතර පොදුජන එක්සත් පෙරමුණ නියෝජනය කළ පැට්‍රික් කරුණාසිංහ මහතා සභාපති ලෙස 2002 අප්‍රේල් 14 දින දක්වා කටයුතු කළේය. තෙවන සභා වාරය 2002 අප්‍රේල් 15 වන දින ආරම්භ වූ අතර නැවතසභාපති ලෙස එකසත් ජාතික පක්ෂය නියෝජනය කළ චන්ද්‍රදාස ගොඩිගමුව මහතා පත්විය. 2006 අප්‍රේල 14 වන දින තෙවන සභා වාරය අවසන්වු අතර, කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ සිව්වන සභා වාරය 2006 අප්‍රේල් 15 වන දින ආරම්භ විය. සිව්වන සභා වාරයේ සභාපති ලෙස නැවත වරක් පත්වු එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පැට්‍රික් කරුණාසිංහ මහතා සභාපති ලෙස කටයුතු කරණු ලැබීය.
ජනතාවට වඩාත් සමීප සුහදශීලී රාජ්‍ය ආයතනය ප්‍රාදේශීය සභාවයි. එමෙන්ම ජනතාවගේ පොදු හා පුද්ගලික අවශ්‍යතාවන් ඉටු කිරීමට පවතින රාජ්‍ය ආයතනයද වන්නේ තම පළාත් පාලන ආයතනයි.
ඒ අනුව අප බල ප්‍රදේශයේ ජනතාවගේ අපේක්ෂාවන් වඩාත් කාර්යක්ෂම හා සුහදශීලීව ඉටුකර දීම අපගේ අරමුණ විය යුතුය. ඒ සදහා අපගේ භෞතික හා මානව සම්පත වඩාත් ඵලදායී ලෙස හැසිරවීම මාගේ වගකීමකි.
ගරු සභාපතිතුමා ප්‍රමුඛ මන්ත්‍රී මණ්ඩලය විසින් ගනු ලබන තින්දු තීරණ වඩාත් අර්ථවත්ව හා කාර්යක්ෂමව ඉටුකරමින් ජනතාවට සියළු පහසුකම්වලින් යුත් සුවදායී පරිසරයක් අප බලප්‍රදේශය තුළ ගොඩ නැගීම අපගේ අධිෂ්ඨානයයි.
අජිත් කුමාරසිංහ
ලේකම්,
කුරුණෑගල ප්‍රාදේශීය සභාව.
