බලපිටිය ප්‍රාදේශීය සභාවේ 2025 අගෝස්තු මස මාසික මහ සභා රැස්වීම පසුගියදා (අගෝ. 19) ගරු සභාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලයේ රැස්වීම් ශාලාවේ දී පැවැත්විණි.
බලපිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ සිදුවිය යුතු අත්‍යවශ්‍ය සංවර්ධන කටයුතු, සභාවට අයත් ආයතන තුළ ඇති අඩුපාඩු ඇතුළු අවධානය යොමු කළ යුතු වැදගත් කරුණු රැසක් මෙහි දී සාකච්ඡාවට ලක් විය.
මෙම අවස්ථාවට බලපිටිය ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති අනුරුද්ධ මහවැලි මැතිතුමා, ගරු උප සභාපති නුවන් නීලමුණි මැතිතුමා ඇතුළු මන්ත්‍රී මණ්ඩලය සහ ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමිය ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය.






