*Clean sri lanka – ලස්සන වෙරළට තීරයක් සහ ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ඇති කිරීම සඳහා වන වැඩසටහන* යටතේ බලපිටිය කොට්ඨාසයේ වෙරළ තීරයේ කොස්ගොඩ, අහුන්ගල්ල, බ්‍රහ්මණවත්ත, වැල්ලවත්ත යන ස්ථාන 4 පිරිසිදු කිරිම අද දින සිදු විය.
ශ්‍රි ලංකා යුධ හමුදාවේ බුස්ස කඳවුර මගින් මුලික සංවිධාන කටයුතු සිදු කෙරුණු මෙම වැඩසටහන සඳහා පහසුකම් සැපයිම සහ වැඩසටහන මෙහෙයවිම බලපිටිය ප්‍රාදේශිය සභාව මගින් සිදු කෙරුණු අතර, බලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය , මධ්‍යම පරිසර අධිකාරිය , ප්‍රාදේශිය ලේකම් කාර්යාලය නියෝජනය කරමින් නිලධාරීන් මේ සඳහා සම්බන්ධ විය.







