#Clean_Balapitiya පුරවරයක් වෙනුවෙන් විශේෂ මෙහෙයුම දැන් ක්රියාත්මකයි.
සුපිරිසිඳු බලපිටිය නගරයක් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙලේ කසල කලමනාකරණය කිරීමේ කටයුතු තවදුරටත් කාර්යක්ෂම කර ගැනීම සඳහා එහි ඉදිරි පියවරක් ලෙස කසල එකතු කිරීමේ කටයුතු සෑම දිනකම උදෑසන 6.00 සිට ආරම්භ කිරීමට බලපිටිය ප්රාදේශීය සභාව කටයුතු යොදා ඇත.
පසුගිය සඳුදා දිනයේ (අගෝ. 25) ආරම්භ කළ මෙම වැඩසටහනේ සමාරම්භක අවස්ථාව සඳහා බලපිටිය ප්රාදේශීය සභාවේ සභාපති අනුරුද්ධ මහවැලි මැතිතුමා, ප්රාදේශීය සභා මන්ත්රී නදීර රුවන්පුර මැතිතුමා සහ බලපිටිය ප්රාදේශීය සභාවේ සේවක මහත්ම මහත්මීන්ද එක්ව සිටියහ.
ප්රතිචක්රීයකරණය කල හැකි කසල නිසි පරිදි බැහැර කිරීමටත්, නිසි පරිදි වෙන් කරන ලද කසල අදාල රථ වලට ලබා දීමටත්, මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා ප්රදේශවාසී ඔබගේ සහයෝගය බලාපොරොත්තු වෙමු.






