සැප්තැම්බර් 15 වනදා සිට 21 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත “පුනරුදයේ පුරවර” – 2025
පළාත් පාලන සතිය ප්‍රකාශයට පත් කිරීම වෙනුවෙන් අද (08) උදෑසන රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුව.
මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න, පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර, රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජෙනරාල් හර්ෂ බණ්ඩාර යන මහත්වරුන් ද, පළාත් සභා සහ පළාත් පාලන අතිරේක ලේකම් මහේෂිකා කොඩිප්පිලිආරච්චි මෙනෙවිය ද, විවිධ මාධ්‍ය ආයතන නියෝජනය කරමින් මාධ්‍යවේදීන් ද එක්විය.











