2025/07/26 වන දින බලපිටිය ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති අනුරුද්ධ මහවැලි මැතිතුමාගේ මෙහෙයවීමෙන්, ගරු ප්‍රාදේශිය සභා මන්ත්‍රී බන්දුල පීරීස් මැතිතුමාගේ සංවිධානයෙන් සහ ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් යුතුව දීර්ඝ කාලයක් අවිධිමත් අයුරින් කසළ බැහැර කිරීමෙන් අපවිත්‍රව තිබූ සීනිගොඩ පොදු සුසාන භූමිය සහ ගල් පාලම යන ස්ථානයන් පිරිසිදු කිරීම සහ මාර්ගය දෙපස රුක් රෝපණය කිරීම සිදු කරන ලදී.කසළින් තොර සුපිරිසිදු ප්‍රාදේශීය සභා ඛල ප්රාදේශයක් පවත්වා ගැනීමට ඇප කැප වන අප ප්‍රාදේශීය සභාවේ කසළ කළමනාකරණයේ සේවයෙහි නියුක්ත සේවක මහත්ම මහත්මීන්ගේ සේවය ඇගයීමේ වැඩසටහනක් පසුගිය දා බලපිටිය ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති ආර්.අනුරුද්ධ මහවැලි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, මෙම අවස්ථාවට ප්‍රාදේශීය සභා ගරු මන්ත්‍රීතුමන්ලා, මන්ත්‍රීතුමියන්ලා පිරිසක් සහභාගී විය.
බලපිටිය බෞද්ධ සංගමයේ සභාපති සේනක ධර්මසිරි රජ්ගමගේ මහතා විසින් එම සේවක මහත්ම මහත්මීන් වෙත තම පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් වටිනා අත් ඔරලෝසු ත්‍යාග ප්‍රදානයක් සිදු කරන ලදී.







